29th November 2025
වකුගඩු, පිළිකා සහ තැලසීමියා රෝගීන් සඳහා පවතින රුධිර හිඟයක් සම්බන්ධයෙන් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, 21 වන පාබල සේනාංකය විසින් ක්ෂණික ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ඒ අනුව, අනුරාධපුර රුධිර බැංකු වෛද්‍ය කණ්ඩායමේ සහාය ඇතිව 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 2025 නොවැම්බර් මස 25 වන දින 21 වන පාබල සේනාංකයේ දී මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පවත්වන ලදී.
රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශ වාසීන් එක්ව සිටිහය.