අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

ගැමුණු හේවා බලකායට අයත් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 27 දින බොරැල්ල, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය භටපිරිස් විසින් කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කරන ලදී.

ඉන් පසුව, අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා නිලධාරින් සහ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් සංකේතාත්මක කාලතුවක්කු වෙඩි මුර ආචාරය පවත්වන ලදී.

හිරු නැගෙන මොහොතේදීත් හිරු බැස යන මොහොතේදීත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදී වාදනය කරනු ලැබු අතර, පසුව අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් අභාවප්‍රාප්ත එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RWP RSP ndu psc, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පවුලේ සාමාජිකයින් සහ ශෝකයට පත් පිරිස් පැමිණ සිටියහ.

I කොටසේ නියෝගය පහත දැක්වේ: