වවුනියාව ප්‍රදේශයේ පෞද්ගලික සමාගම් ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය

2025 නොවැම්බර් මස 25 දින වවුනියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයක හටගත් ගින්නකින් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ සහ භාණ්ඩවලට හානි සිදුවිය.

7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, වවුනියාව ගුවන් හමුදා කඳවුර, වවුනියාව නගර සභාව සහ වවුනියාව පොලිසිය මෙන්ම ගිනි නිවන ඒකකවල සහභාගීත්වයෙන් එම ගින්න පැතිරීමේ අවදානම වලක්වාලමින්, ගින්න පාලනය කිරීමට හැකිවිය.