මාවනැල්ල නායයෑමෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට යුද්ධ හමුදාවෙන් සහාය

2025 නොවැම්බර් මස 22 දින ගල් පිරිනු පස් කන්දක් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ දී කඩා වැටීම හේතුවෙන් නිවසකට සහ වෙළඳසැලක් සමන්විත ගොඩනැගිල්ලකට දැඩි හානි සිදු වූ අතර එම අනතුරෙන් අවට සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු කඩාවැටුනු ලද ගල් පිරුණු පස් සහ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවීමට ලක් විය.

57 වන පාබල සේනාංකයේ 611 වන පාබල බළසේනාව යටතේ ස්ථාපිත 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් හතළිස් පස් දෙනෙකු කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම්වල කඩිනමින් නිරත වූ අතර එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු ආරක්ෂිත මුදාවා ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලදී.