21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.එන්.කේ. පෙරේරා 2025 නොවැම්බර් මස 21 දින එම සේනාංකයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුර පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපතිවෙත 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සමුප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා නව සේනාංකාධිපති පෙනී සිටින ලදී.

මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරමින් නව සේනාකාධිපති වෙත ආශිර්වාද එක්කිරීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම සේනාංකයේ සියලු නිලයන් අමතමින් සේනාංකයේ අනාගත ප්‍රගතිය සඳහා ඔහුගේ දැක්ම සහ අපේක්ෂාවන් පැහැදිලි කරන ලදී.

සියලු නිල තේ පැන් සංග්‍රහයකින් දිනයේ වැඩකටයුතු කටයුතු අවසන් වූ අතර, මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.