22nd November 2025
2025 නොවැම්බර් මස 20 දින ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් වෙල්පල්ල ප්‍රදේශයේ පිහිටි රත්මල් ඔයෙහි ඉවුරට දැඩි ලෙස හානි සිදුවීමෙන් එම ප්‍රදේශයේ පිහිටි කුඹුරු අක්කර 20 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට විය.
කඩිනමින් ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් විසින් දින දෙකක් පුරා ඉවුර ශක්තිමත් කිරීම සඳහා වැලි කොට්ට අතුරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. එමඟින් තවදුරටත් ඉවුර ඛාදනය වීම වැළැක්වීමට සහ හානිය පාලනය කිරීමට හැකි විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අදාළ පළාත් පාලන ආයතන විසින් මෙම කටයුතු යුද්ධ හමුදාව සමඟ කඩිනමින් සම්බන්ධීකරණය කරන ලදී.