බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 සාර්ථකව අවසන්

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 (2025/II) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති සහතික ප්‍රදානෝත්සවයකින් 2025 නොවැම්බර් මස 08 දින අවසන් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස්. මොල්ලිගොඩ USP psc සහභාගී විය.

ශිෂ්‍ය නිලධාරීන් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාඨමාලාවට මාස තුනක කාලයක් පුරා පවත්වන ලද අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් ඩී.එන්.ඩී ද සිල්වා විසින් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.

සහතික පත් ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයන් සහභාගී වූහ.