අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය- 2025 සාර්ථකව අවසන්

20 වන අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 නොවැම්බර් මස 12 දින සිට 14 දින දක්වා පැවැත්විණි.

ශූරතාවලියේ අවසන් දින උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc, සහභාගි විය.

ජයග්‍රාහකයින් පහත පරිදි වේ:

පිරිමි අංශයේ ශූරතාවය: ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය (ඒකාබද්ධ ශූරතාවය)

ආධුනික අංශයේ ශූරතාවය: ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.

කාන්තා අංශයේ ශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය.

ටයිකොන්ඩෝ පුම්සේ අංශයේ ශූරතාවය: විජයබාහු පාබල රෙජිමේන්තුව.