20th November 2025
අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 සැප්තැම්බර් මස 20 දින සිට 26 දින දක්වා පැවති අතර, එහි අවසන් තරඟය 2025 නොවැම්බර් මස 11 වන දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සමාප්ති දින උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc සහභාගි විය.
තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා සේවා බලකාය විසින් හිමිකර ගත් අතර, අනුශූරතාවය යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ දෙවන අනුශූරතාවය යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ජේ.සී.එම් ගමගේ වෙත හිමි විය.