19th November 2025
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc, 2025 නොවැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
1990 නොවැම්බර් මස 03 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 8 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා සංඥා බළකායට වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 08 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 නොවැම්බර් මස 26 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති ධූරය හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ පුහුණු නිලධාරි, 3 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයේ ඛණ්ඩ භාර නිලධාරි, 5 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩ භාර නිලධාරි, 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩ භාර නිලධාරි, 533 පාබල බලසේනාවේ සංඥා නිලධාරි, 55 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, පනාගොඩ සංඥා මූලික වැඩපොලෙහි නිලධාරි අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංඥා නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යක්‍ෂ අධ්‍යයන, පනාගොඩ සංඥා මූලික වැඩපොලෙහි සේනාවිධායක වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ස්තායිතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ U-1 හි නියෝජ්‍ය ප්‍රධානී හමුදා භඨපිරිස් පාලන නිලධාරි, 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා සහ සංවර්ධන ශාඛාවේ තාක්ෂණික නොවන අංශයේ ප්‍රධානි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ), යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (සැලසුම්), 143 පාබල බලසේනාවේ සහ සංඥා බලසේනාවේ බලසේනාධිපති, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල්, භටකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.
තවද, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව ද සාර්ථකව නිම කර ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරින්ගේ සංඥා පාඨමාලාව - ඉන්දියාව සහ සංඥා බලඝණ නිලධාරි අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව ඇතුළු විදේශීය පාඨමාලාවන්ද හදාරන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ආරක්‍ෂක අධ්‍යයන) උපාධියක්, කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන ශාස්ත්‍රපති උපාධියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ නාවික පශ්චාත් උපාධි පාසලේ ආරක්‍ෂක අධ්‍යයන (සිවිල් හමුදා සබඳතා) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ආදී අධ්‍යාපනික සුදුසුකම්ද සපුරාලන ලදී.