17th November 2025
2025 නොවැම්බර් මස 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයේ භටපිරිස් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සභාවේ 170 වන සංවත්සරය වෙනුවෙන් එම සභාවේ පූජ්‍ය පක්ෂය එක්ව යාපනය, පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සහ උඩුවිල් මුරුගමූර්ති විද්‍යාලයේ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
එම වැඩසටහනේදී පාසල් නිල ඇඳුම්, පොත්පත්, පාසල් බෑග්, පාසල් පාවහන් සඳහා වවුචර් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය සිසුන් 106 දෙනෙකු අතර බෙදා දෙන ලදී. තවද, සහභාගිවූ සියලුම දෙනා වෙත තේපැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.
එමෙන්ම, 51 වන පාබල සේනාංකය නිලධාරි නිවස්නයේදී මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගි වූහ.