17th November 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2025 නොවැම්බර් මස 15 වන දින 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි සේනාවිධායක වෙත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් ඒකකයේ වගකීම් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව සේනාවිධායකව දැනුවත් කරන ලදී.
පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හමුදා සහ සිවිල් යන ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ඉන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.
සංචාරය අවසන් කරමින්, සේනාවිධායකවරයා කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක නිරත වී අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.