යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 7 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරඟාවලියේ සමාප්ති දින උත්සවය සඳහා සහභාගි වූ යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc විසින් එම තරඟාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උද්යෝගය සහ ක්‍රීඩාශීලීත්වය අගය කරන ලදී.

තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකෙහිම සමස්ත ශූරතාවයන් ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් හිමිකර ගත් අතර, එම කාණ්ඩ දෙකෙහි අනුශූරතාවයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් හිමිකර ගන්නා ලදී.