“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව 231 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සම්බන්ධීකරණයෙන්, 2025 නොවැම්බර් මස 04 දින දිඹුලාගල විහාරස්ථානයේ අහස් මාලිගා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හි මඟපෙන්වීම යටතේ 23 පාබල සේනාංකයේ සහ 231 වන පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ 12 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.