භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය එක්දින වැඩමුළුවක් පවත්වයි

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා 2025 නොවැම්බර් මස 04 දින එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.

“Automated Material Management System Version 2” සහ “යුද්ධ හමුදා රෙගුලාසි වලට අනුව මාර්ග අනතුරු වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ මාර්ග අනතුරකදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි” යන තේමාවන් යටතේ මෙම වැඩමුළුව පැවැත්විණි.

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථාන යටතේ ස්ථාපිත සේවා රෙජිමේන්තු වල විෂය භාර නිලධාරීන් විසින් මෙම සැසි මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.