යුද්ධ හමුදා භටපිරිස් පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගණක සහ පාසල් පොත්පත් බෙදා දෙයි

ආරක්ෂක සේනාංකයේ - නැගෙනහිර භට පිරිස් විසින් දිඹුලාගල නිදන්වල ප්‍රාථමික විද්‍යාලයේ සහ දම්මින්න මහා විද්‍යාලයේ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක සහ පාසල් පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 දින නිදන්වල ප්‍රාථමික විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලකුඹුර RWP RSP ndu psc සහභාගී විය.

මෙම වැඩසටහනේදී පාසල් ළමුන් සිය දෙනෙකුට ප්‍රතිලාභ හිමි විය.

මෙම වැඩසටහන සඳහා CEVA Logistic Lanka පුද්ගලික ආයතනය මඟින් මූල්‍ය අනුග්‍රහය හිමිවූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් CEVA Logistic Lanka පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ රනිල් පොලොනොවිට මහතා සමඟින් සමාගමේ සාමාජිකයන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.