අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අවමංගල්‍ය උත්සවය 2025 නොවැම්බර් මස 04 දින කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ආදාහනාගාරයේදී පැවැත්විණි.

සුසාන භූමියේ දොරටුව අසලදී හමුදා සම්ප්‍රදායානුකූලව භට පිරිස් විසින් දේහය පිළිගෙන උපහාර දැක්වීය. අනතුරුව, ජාතික කොඩියෙන් ආවරණය කරන ලද අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව්. ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කරනු ලැබීය.

ඉන් පසුව, අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා නිලධාරින් සහ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් සංකේතාත්මක කාලතුවක්කු වෙඩි මුර ආචාරය පවත්වන ලදී.

හිරු නැගෙන මොහොතේදීත් හිරු බැස යන මොහොතේදීත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදී වාදනය කරනු ලැබු අතර, පසුව අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව්. ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, මේජර් ජෙනරල් ජේ.කේ.ආර්. ජයකොඩි RWP USP, ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP සමඟ එක්ව, අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව්. ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, පවුලේ සාමාජිකයින් සහ ශෝකයට පත් පිරිස් පැමිණ සිටියහ.

අවමංගල්‍ය උත්සවයේදී කියවන ලද I කොටසේ නියෝගය පහත දැක්වේ: