4th November 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 29 දින බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන උත්සව ශාලාවේදී සංචාරකයින්ගේ ආරකෂාව පිළිබඳව එම ව්‍යපාරයේ නියලී සිටින අයවලුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යපාරයේ යෙදෙන එම ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්වකරුවන් 63 දෙනෙකු අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.
ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී බංඩාර USP psc ගේ නායකත්වයෙන් යුත් 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටකණ්ඩායමක් විසින් මෙම වැඩමුළුවේදී හදිසි අවසම්ථාවලදී සූදානම, පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණය සහ සංචාරක ආයතන සඳහා ආරක්ෂක සැලසුම් සකස් කිරීම පිළිබඳ දේශන සහ ප්‍රායෝගික වැඩසටහන් පවත්වන ලදී.