2nd November 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිය 22 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 31 දින වැලිකන්දේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සැමරීය.
සැමරුම් උත්සවයට සමගාමීව, 2025 ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරි කරනු ලබන සාමාජිකයන් වෙත ආශීර්වාද පතා මඩකලපුව සෝමාවතිය මහා සෑය, ශාන්ත මරියා දේවස්ථානය, මාමංග හින්දු කෝවිල සහ අල් ලක්ෂා මුස්ලිම් පල්ලිය යන ආගමික ස්ථාන වලදී ආගමික වතාවත් සිදුකරනු ලැබීය.
සංවත්සර දිනයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc වෙත 2 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
ඉන්පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර, සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, භටපිරිස් ඇමතීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ එදින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.