2nd November 2025
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 57, හි සහතිකපත් ප්රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 28 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් පාඨමාලාව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 41 දෙනෙකු වෙත එහිදී සහතිකපත් ප්රදානය කරනු ලැබීය. 23 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ සැරයන් ඒ.ඒ දිනේෂ් කුමාර දක්ෂතම ශිෂ්‍යයා ලෙස තේරී පත්විය.
පාඨමාලාවේ අවසන් දේශනය අම්පාර, සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස් ද සිල්වා RSP ndc විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.