නව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

නව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් බී.ඒ.පී ලියනගේ RWP RSP USP 2025 ඔක්තෝබර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.

සිය ධූරයේ රාජකාරින් භාරගැනීමෙන් පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ආමන්ත්‍රණය කරමින් රණක්‍ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකය‍ගේ සුභසාධනය වෙනුවෙන් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය පෙන්වා දෙමින් දැනට ක්‍රියාත්මක වන සුබසාධන හා පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධ‍ාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.