27th October 2025
‘සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැළැක්වීම’ යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 21 දින සිට 23 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී සාර්ථකව පැවැත්විණි.
නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මානසික සෞඛ්‍ය විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන යුද්ධ හමුදා සමාජිකයන් තුළ ඇතිවන මානසික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම සහ ඒවා වැළැක්වීම සඳහා නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් අතර දැනුවත්භාවය සහ හැකියාව දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ආතතිය හා සම්බන්ධ තත්ත්වයන් කල් ඇතිව හඳුනා ගැනීම, ස්වයං හානි සිදු කර ගැනීමේ අවස්ථා හදුනා ගැනීම සහ සියදිවි නසා ගැනීමේ අවදානම අවම කිරීම සඳහා වන නිවාරණ පියවර මෙහිදී අවධාරණය කෙරිණි.
සමාප්ති දේශනයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, මානසික ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ දැනුවත් කිරීම් සහ ආයතනික සහයෝගය අවශ්‍ය බව අවධාරණය කළේය.