27th October 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 242 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 24 දින අම්/පානම මහා විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
එක්සත් රාජධානියේ සිංහල බල මණ්ඩලයේ සභාපති, මොරටුව ප්‍රදේශයේ පදිංචි ගාමිණී කීර්තිචන්ද්‍ර මහතා මෙම වැඩසටහනට මූල්‍යමය අනුග්‍රහය දැක්වූ අතර, මෙහිදී, තෝරාගත් පාසල් අටක සිසුන් 100 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ හිමිවිය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc සහභාගීවූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.