26th October 2025
ගුවන් ප්‍රහාරක පාඨමාලා අංක 30 හි විසිර යාමේ පෙළපාලිය 2025 ඔක්තෝබර් මස 15 දින ගුවන් සංග්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP සහභාගී වූ අතර, මෙම අවස්ථාවට 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක්ද සහභාගී වූහ.
නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයන් 102 දෙනෙකු පාඨමාලාව සාර්ථකව හැදෑරූ අතර, ඔවුන්ගේ කැපී පෙනෙන දස්කම් වෙනුවෙන් පහත සඳහන් අයවලුන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීය.
• හොඳම වෙඩික්කරු - 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් ඩී.එම්.සී.සී.බී පුස්සැල්ල.
• හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - 3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබළ ආර්.එම්. රත්නායක.
•දක්ෂතම සෙබළා - 5 බලඇණිය ගැමුණු හේවා බළකායේ සැරයන් ඩබ්ලිව්.එම්.එස් ප්‍රියන්ත.