25th October 2025
2025 ඔක්තෝබර් මස 25 දින ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් රාශියක් දිනා ගනිමින් ජාතියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන එන ලදී. තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගන්නා ලදී.
මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ සුවිශේෂී දස්කම් පහත පරිදි වේ:
• බළලත් නිලධාරි II එච්.කේ.කේ කුමාරගේ – මීටර් 400 ධාවන තරඟයේ රන් පදක්කම, මීටර් 400 x 4 ධාවන තරඟයේ රන් පදක්කම, මීටර් 400 x 4 (මිශ්‍ර) ධාවන තරඟයේ රිදී පදක්කම.
• බළලත් නිලධාරී II එච්.එල්.එන්.ඩී ලේකම්ගේ – හෙල්ල විසිකිරීමේ තරඟයේ නව තරඟ වාර්තාවක් ( දුර මීටර් 60.14 ක් විසිකරමින් ) සමඟින් එම ඉසව්වේ රන් පදක්කම.
• මාණ්ඩලික සැරයන් ආර්. නදීෂා – මීටර් 400 x 4 ධාවන තරඟයේ රිදී පදක්කම, මීටර් 400 x 4 (මිශ්‍ර) ධාවන තරඟයේ රිදී පදක්කම.
• සැරයන් ඩබ්ලිව්.එල්. සුගන්දි – මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝකඩ පදක්කම.
• බොම්බඩියර් කේ.කේ.ඩී.එන්. ධර්මසේන – මිටිය විසිකිරීම තරඟයේ ලෝකඩ පදක්කම.
• බොම්බඩියර් එස්.ඒ.ටී. දසුන් – උස පැනීම තරඟයේ රන් පදක්කම.
• කෝප්රල් ජී.ආර්. චතුරංග – මීටර් 1500 ධාවන තරඟයේ රිදී පදක්කම.
• කෝප්රල් ඩබ්ලිව්.ඩී.එම්.එම්.එස්. දිසානායක – කවපෙත්ත විසිකිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම.
• කෝප්රල් ආර්.එම්.එස්.ජේ. රණසිංහ – හෙල්ල විසිකිරීම තරඟයේ රිදී පදක්කම.
• කෝප්රල් ආර්.ආර්.ඩී. රණතුංග – මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරඟයේ රිදී පදක්කම.
• ලාන්ස් කෝප්රල් ඩී.ටී.ඒ. ද සිල්වා – මීටර් 100 ධාවන තරඟයේ රිදී පදක්කම, මීටර් 100 x 4 ධාවන තරඟයේ නව තරග වාර්තාවක් (තත්පර 44.70) සමඟින් රන් පදක්කම.
• ලාන්ස් කෝප්රල් එම්.වයි.එෆ්. සෆියා – මීටර් 100 ධාවන තරඟයේදී “දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව” ලෙස නව තරඟ වාර්තාවක් (තත්පර 11.53 ) සමඟින් රන් පදක්කම, මීටර් 100 x 4 ධාවන තරඟයේ නව තරග වාර්තාවක් (තත්පර 44.70) සමඟින් රන් පදක්කම, මීටර් 200 ධාවන තරඟයේ නව තරග වාර්තාවක් (තත්පර 23.58) සමඟින් රන් පදක්කම.
• ලාන්ස් කෝප්රල් වී. වක්සන් – මීටර් 5000 ධාවන තරඟයේ රිදී පදක්කම.
• ලාන්ස් කෝප්රල් ඩී.එම්.එච්.එස්. කරුණාරත්න – මීටර් 800 ධාවන තරඟයේ රන් පදක්කම.
• ලාන්ස් කෝප්රල් වයි.සී.එම්. යෝධසිංහ – මීටර් 100 ධාවන තරඟයේදී "දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා" ලෙස නව තරග වාර්තාවක් (තත්පර 10.30) සමඟින් රන් පදක්කම, මීටර් 100 x 4 ධාවන තරඟයේ රන් පදක්කම.
• පාබල සෙබළ ඩී.ඩී.එස්. දියලවත්ත – මීටර් 100 x 4 ධාවන තරඟයේ රන් පදක්කම.
• සාමාන්‍ය සෙබළ එන්.එම්.පී.පී. සිල්වා – මීටර් 100 x 4 ධාවන තරඟයේ රන් පදක්කම.
• සාමාන්‍ය සෙබළ කේ.ඒ.පී. මල්ෂාන් – තුන් පිම්ම පැනීමේ තරඟයේ රන් පදක්කම.
• සාමාන්‍ය සෙබළ ආර්.පී. ගමගේ – උස පැනීම තරඟයේ රිදී පදක්කම.
• සාමාන්‍ය සෙබළ ආර්.එම්. නිෆ්රාන් – මීටර් 1500 ධාවන තරඟයේ ලෝකඩ පදක්කම.
• සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය – මීටර් 10000 ධාවන තරඟයේ රන් පදක්කම.
• ආධුනික සෙබළ එස්.කේ. මිතුම්රාජ් – යගුලිය විසිකිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම.
• ආධුනික සෙබළ කේ.කේ.අයි. සිල්වා – මීටර් 400 x 4 (මිශ්‍ර) ධාවන තරඟයේ රිදී පදක්කම, මීටර් 400 x 4 ධාවන තරඟයේ රන් පදක්කම, මීටර් 400 ධාවන තරඟයේ ලෝකඩ පදක්කම.
• ආධුනික සෙබළ ඊ.එම්.එස්. උපේක්ෂා - තුන් පිම්ම පැනීමේ තරඟයේ ලෝකඩ පදක්කම.