ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය 2025 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා ස්කොෂ් කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය 2025 යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 05 දින සිට 15 දින දක්වා මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේදී පැවැත්විණි.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.කේ.ආර්.එන් සිල්වා RSP USP psc සහභාගි විය.

තරඟාවලියේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම විසින් විවෘත පිරිමි අංශය ශූරතාව දිනා ගත් අතර, ගජබා රෙජිමේන්තුව විසින් අනුශූරතාවය දිනා ගන්නා ලදී.