22nd October 2025
යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිලධාරින් සඳහා 2025 ඔක්තෝබර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී ‘නිවැරදි තාක්‍ෂණික පිරිවිතරයන් සකස් කිරීම’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.
යුද්ධ හමුදා තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න RSP USP විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර, පිරිවිතර සකස් කිරීමේ තාක්‍ෂණික ක්‍රම පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම තුළින් යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සමස්ත ගුණාත්මකභාවය සහ කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.