යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

23 පාබල සේනාංකය යටතේ 232 පාබල බලසේනා බල ප්‍රදේශයේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කොමතුරෛයි උතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතියට ළමා හදිසි සහන අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය (CERI) විසින් අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, එම ඉදිකරන ලද නව නිවස 2025 ඔක්තෝබර් මස 15 දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සහ ළමා හදිසි සහන අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේ ඉන්දියාවේ ජාතික අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා‍වේ වැඩබලන ප්‍රධානී නිතින් ටොන්ක් මහතා විසින් නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.