16th October 2025
ගජබා රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය දිනය 2025 ඔක්තෝබර් මස 14 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමරන ලදී.
2025 ඔක්තෝබර් මස 3 දින සර්ව ආගමික ධජ ආශිර්වාද පූජාවකින් සංවත්සර දින උත්සව මාලාව ආරම්භ වූ අතර, 2025 ඔක්තෝබර් මස 12 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය සඳහා දානමය පිංකමක් ද පවත්වන ලදී. 2025 ඔක්තෝබර් මස 13 දින මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන් සිහිකරමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පැවති පුෂ්පෝපහාර දැක්විමේ උත්සවය සඳහා දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ භාර්යාවන් අතුළු 62 දෙනෙකු ද සහභාගි විය.
සංවත්සර දිනයේදී, රෙජිමේන්තු අධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර අනතුරුව, එතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ජ්‍යෙෂ්ට නිලධාරිගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව රෙජිමේන්තු අධිපති වෙත සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූළ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමණ ලදී. මෙම සංවත්සර දිනය සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපති විසින් එම කඳවුරු භූමියේ පැළයක් රෝපණය කිරීම සහ සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීම සිදු කරන ලදී.
සියලු නිලයන්ගේ දිවා භෝජන සංග්‍රහයකින් දිනයේ වැඩ කටයුතු අවසන් වූ අතර, මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ක සහභාගී වූහ.