පදක්කම්

ස්වකීය ජීවිතයටද, ආත්මාරක්‍ෂාවටද සිදූවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සගයන්ගේ ජීවිතාරක්‍ෂාව නොහොත් සිය බලකායේ කාර්යය අරමුණ මුදූන්පත් කරගැනීම උදෙසා සක්‍රීය කාලය තුලදී ස්වෙච්ඡාවෙන්ම සතුරාට මුහුණ පාමින් වික්‍රමාන්විත වූ ද, අභීත භාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, ක්‍රියාවන්හි පෞද්ගලිකවම යෙදූනාවූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ස්ථිර හා ස්වෙච්ඡා බලසේනා වල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම පළඳනාව ප්‍රදානය කළ යුතුය. සෑම පළඳනා ලාභියෙකුටම නමට පසුව ‘පීඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවලුන්ගේ ජීවිතය / ජීවිත බේරාගැනීමේ හෝ ආරක්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය ආත්මාරක්‍ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, අසෛනික ස්වභාවයේ ක්‍රියා අරබයා හෝ දියෙහි ගිලීමට නැත්නම් ගින්නට ගොදුරු වූ ජීවිත බේරාගැනීමේදී ද පතල්, ගංවතුර හා වෙනත් එවැනි උපද්‍රවවලට භාජනය වූ අය බේරාගැනීමේ කටයුතුවලදී ද තමාට සිදුවිය හැකි බරපතල ශාරීරික හානිය ගැන හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා අති විශිෂ්ඨ වූ ක්‍රියාවක හෝ ක්‍රියාදාමයක යෙදෙන්නා වූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම විභූෂණය පිරිනැමිය යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘ඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.

medal

සක්‍රීය සේවයේ යෙදී සිටියදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරාට මුහුණපා සිය සගයන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමේ හෝ සිය බලසේනාවේ කාර්ය අරමුණ මුදුන්පත් කරගැනීම පහසු කරවීමේ අභිප්‍රායෙන් ආත්මාරක්‍ෂාව ගැන නොතකා තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, සෛනික ස්වභාවයේ උත්කෘෂ්ඨ ක්‍රියා අරබයා හෝ දියෙහි ගිලීමට නොහොත් ගින්නට ගොදුරු වූ ජීවිත බේරාගැනීමේදී ද පතල්, ගංවතුර හා වෙනත් එවැනි උපද්‍රවවලට භාජනය වූ අය බේරාගැනීමේ කටයුතුවලදී ද තමාට සිදුවිය හැකි ශාරීරික හානිය ගැන හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා හුදු දයාපරවශම උත්කෘෂ්ඨ ක්‍රියාවක නොහොත් ක්‍රියාදාමයක යෙදුනා වූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම විභූෂණය ප්‍රදානය කළ යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘ඩබ්ලිව්ඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.

medal

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලික හෝ සාමූහිකව කරන ලද වීර ක්‍රියාවන් අරබයා, මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන්ට මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්ඩබ්ලිව්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්එස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිත්‍ය බල සේනාවල අවුරුදූ 25 ක ගණන් ගත හැකි සේවයක් සහ නිර්මල, පෞද්ගලික හා සෛනික පැවැත්මක් ඇති මේජර් ජෙනරල් සහ ඉන් ඉහල ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට උපහාර වශයෙන් මෙම විභූෂණය ප්‍රදානය කරනු ලැබේ. සෑම පළඳනා ලාභියෙකුටම නමට පසුව ‘වීඑස්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ජා බලසේනාවේ සක්‍රීය සේවයේ සම්පූර්ණ වශයෙන් විසිපස් වසරක කාර්යක්‍ෂම අධිකාරිලත් සේවයක් සපුරා ඇති බ්‍රිගේඩියර් හා ඉන් ඉහළ නිලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් මෙම විභූෂණය ප්‍රදානය කරනු ලැබේ. සෑම පළඳනා ලාභියෙකුටම නමට පසුව ‘කේඑස්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

මෙම පදක්කම ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් පුද්ගලයන්ට අවුරුදූ පහලොවකට නොඅඩු සේවා කාලයක් ඔවුන් සතුව ඇත්තේ නම් සුවිශේෂ දක්‍ෂතාව කුසලතාව හා ආදර්ශමත් පැවැත්මෙන් උපකල්පිත වූ අගනා සේවයක්, රාජකාරිය කෙරෙහි දක්වන ලැදි බවත් අරබයා උපහාර වශයෙන් පිරිනමනු ලබයි. පදක්කම සඳහා නිර්දේශ කරනු ලබන කිසිවෙකුත් ස්වකීය මූළු සේවා කාලය තුලදී අහිතකර සටහනකින් නොකෙලෙසී තිබිය යුතුය. සෑම පළඳනා ලාභියෙකුටම නමට පසුව ‘යූඑස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.

medal

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සක්‍රීය ලැයිස්තුවේ සම්පූර්ණ වශයෙන් අවුරුදු දහඅටක කාර්යක්‍ෂම සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බළලත් නිලධාරීන්ටද, අධිකාරි නොලත් නිලධාරින්ද, සෙබළුන්ටද මෙම පදක්කම ප්‍රදානය කරනු ලැබේ.

medal

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් වූද, ක්‍රියාන්විත නිරතවීම්වලදී සතුරු ක්‍රියාවලින් රණක්‍ෂිතයට පත්වූ සහ එවැනි තුවාලවීම් අවම වශයෙන් ‘මධ්‍යස්ථ ලෙස බරපතල’ බවට වෛද්‍ය බලධාරීන් විසින් වර්ගකරන ලද හෝ එවැනි තුවාලවීම්වල හෝ සතුරු ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් මියයන්නා වූද මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද සියළුම පුද්ගලයින්ට මෙකී පදක්කම ප්‍රදානය කළ යුත්තේය.

medal

පදක්කම - වර්ෂ 2006 ජුලි මස 28 වන දින සිට වර්ෂ 2007 ජුලි මස 10 වන දින දක්වා වු කාලය තුල නැගෙනහිර මානුෂීය මෙහෙයුමට ක්‍රියාකාරීව සහභාගී වු සක්‍රීය සේවයේ නිරත හමුදා සාමාජිකයින් ඇතුලු සිවිල් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලය, නැගෙනහිර ප්‍රදේශයේ සේවය කරන ලද සිවිල් පුද්ගලයින් වෙත මෙම පදක්කම පිරිනමනු ලැබේ. සන්දාරය - නැගෙනහිර ප්‍රදේශයේ දින 30 ට නොඅඩුව සේවයේ යෙදි සිටි, සටනේ නිරත වන ලද හා මෙහෙයුමට නන් අයුරින් දායක වන ලද අයවළුන් වෙත සන්දාරය ප්‍රදානය කරනු ලැබේ. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

පදක්කම - වර්ෂ 2007 පෙබරවාරි මස 26 වන දින සිට වර්ෂ 2009 මැයි මස 18 වන දින දක්වා වු කාලය තුළ උතුරු මානුෂීය මෙහෙයුමට ක්‍රියාකාරීව සහභාගී වු සක්‍රීය සේවයේ නිරත හමුදා සාමාජිකයින් ඇතුළු සිවිල් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලය, උතුරු ප්‍රදේශයේ සේවයේ කරන ලද සිවිල් පුද්ගලයින් වෙත මෙම පදක්කම පිරිනමයි. සන්දාරය - උතුරු ප්‍රදේශයේ දින 90 ට නොඅඩුව සේවයේ යෙදි සිටි, සටනේ නිරත වන ලද හා මෙහෙයුමට නන් අයුරින් සක්‍රීයව දායක වන ලද අයවළුන් වෙත සන්දාරය ප්‍රදානය කරනු ලැබේ. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

1977 ජූලි මස 22 වන දින සිට යාපනය දිස්ත්‍රික්කයේද, 1983 සැප්තැම්බර් මස 16 වන දින සිට වවුනියා, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල ද, දින 180 ක කාලයක් සක්‍රීයව සේවය කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවල නිත්‍ය හා ස්වෙච්ජා බලසේනාවන්ට අයත් සෑම තරාතිරමකම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කරයි. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

පහත සඳහන් ප්‍රදේශයන්හි 1983 ජූලි මස 23 දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සන්නද්ධ සේවා අයවළුන් හට මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය;
(අ) යාපනය, වවුනියාව, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක.
(ආ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම නුවර ගම්පළාත (මධ්‍යම) සහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
(ඇ) පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
(ඈ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ කංකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.

medal

1987.05.26 වන දින සිට 1987 ජූනි මස 11 වන දින දක්වා වූ කාලය තුළ යාපනය අර්ධද්වීපයේ සේවයේ යෙදි සිටියා වූද මෙම මෙහෙයුම ක්‍රියාත්මක කල අවස්ථාවේ සටනෙහි නිරතවූද, ගිණි අවි සහාය, භඨකාර්යය සම්පාදනය, වෛද්‍ය සහාය, සැලසුම්, විධානය හෝ තදාශ්‍රිත වෙනත් කිසියම් කාර්යයක හෝ නිරතව සිටියා වූද, යූද්ධ හමුදා සහ සිවිල් තැනැත්තන් වෙත මෙම පදක්කම ප්‍රදානය කරනු ලැබේ. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

වර්ෂ 1995 ඔක්තෝබර් මස 17 වැනි දින සිට වර්ෂ 1995 දෙසැම්බර් මස 05 වැනි දින දක්වා වූ කාලය තුල රිවිරැස මෙහෙයුම I හි ක්‍රියාකාරීව සහභාගී වූ රාජ්‍ය ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති, සන්නද්ධ සේවාධිපතීන්, පොලිස්පති, සක්‍රීය සේවයේ නිරත හමුදා අයවළුන් ඇතුළු සිවිල් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, පොලීසියේ අය සහ සන්නද්ධ සේවාවන් විසින් සේවයේ යොදවන ලදුව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙහිලා ක්‍රියාකාරීව සහභාගී වූ සිවිල් අය වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය.

medal

ශිෂ්‍යභට බලකායේ සෙසුනිල දරන්නන් හැර 1972 මැයි මස 22 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්ට අයත්ව සිටි නිලධාරින් ඇතුළු සියළුම නිලයන්ට මෙම පදක්කම ප්‍රදානය කළ යුතුයි. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.).

medal

1949 ඔක්තෝබර් මස 10 දින සිට 1953 ඔක්තෝබර් මස 10 දිනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 25 ක අභිමානවත් සංවත්සර සැමරිම වස් 1973 ඔක්තෝබර් මස 10 දින සිට 1974 ඔක්තෝබර් 10 දින දක්වා කාලය වන විට අවම වශයෙන් වසර 10 ක සේවා කාලයක් සපුරනු ලැබූවන් හට පමණක් ශ්‍රී ලංකා ජනරජ යුද්ධ හමුදා රජත ජයන්ති පදක්කම - 1974 ප්‍රදානය කරන ලදී. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

එක්දහස් නවසිය අනූ අටක් වූ පෙබරවාරී මස හතරවැනි දින වන විට සක්‍රීය සේවයේ යෙදී සිටියා වූ ද, ප්‍රදානය ලැබීමට සුදූසු බවට යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කර ඇත්තාවූද, යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවලට අයත් සියළුම නිලයින් වෙත පදක්කම් ප්‍රදානය කළ යුතුය. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස පළමු වන දිනය වන විට සක්‍රිය සේවයේ යෙදී සිටියා වූද (මූලික පුහුණු පාඨමාලාවන්ට සහභාගී වී සිටින අයවලුන් සහ හමුදා සක්‍රිය සේවයට කැඳවා ඇති ජාතික ශීෂ්‍යභඨ බලකායේ නිලධාරීන්ද ඇතුලුව) ප්‍රදානය ලැබීමට සුදූසු බවට යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කර ඇත්තා වූද යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ජා බලහමුදාවන්ට අයත් සියළුම නිලයින් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය.

medal

අධිකාරිය ලැබූ හෝ බඳවාගනු ලැබූ දිනයේ සිට අවම වශයෙන් වසර පහක සේවා කාලයක් සපුරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය/ස්වෙච්ජා බලසේනාවෙහි සියළුම නිලධාරීන් සහ සෙසුනිලයන් හට සහ පස් වසරක ගණනීය සේවා කාලයක් සපුරන ලද ස්ථිර හෝ අනියම් සිවිල් සේවකයින් හටත්, නිත්‍ය බලසේනාවට ද්විතීයනය කරන ලද අවුරුදු 05 ක සේවා කාලයක් සතු ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරින් හට මෙම පදක්කම ප්‍රදානය කල යුතුය. (1998 ඔක්තෝබර් මස 10 වන දින සිට 1999 ඔක්තෝබර් මස 10 වන දින දක්වා කාලය තුළ කවර හෝ අවස්ථාවකදී හෝ සේවයේ යෙදී සිටිය යුතුය.)

medal

වසර 12 ක අඛණ්ඩ සේවා කාළයක් සම්පූර්ණ කර ඇති නිත්‍ය හමුදාවේ සියළු නිල දරන්නන් වෙනුවෙන් ප්‍රදානය කිරීම සඳහා අංක 14851 සහ 1969 අප්‍රේල් මස 25 දින දරණ ලංකා රජයේ ගැසට් පත්‍රය මගින් රෙගුලාසි පනවා ඇති අතර පදක්කම සඳහා නිවාඩු කාලය හා නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ කාලය හා සිරගත කිරීම් මත රඳවා සිටි කාලය සුදුසුකම්ලත් සේවා කාලයක් ලෙස පිළිගෙන නොමැත. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ජා බලසේනාවල අවුරුදූ 12 ක සේවයක් සම්පූර්ණ කළ, නොකලැල් චරිතයක් හා පැවැත්මක් ඇති, යුද්ධ හමුදාධිපති විසින් එවැන්නක් ලැබීමට සුදූසු යැයි නිර්දේශ කෙරෙන සියළු නිලයන්ට ප්‍රදානය කළ යුතුය. සුදුසුකම් ලැබීමේ නියමිත මුල් සේවා කාල පරිච්ඡේදය සම්පූර්ණ වූ දිනට පසු දින සිට ගණන් ගැනිමේදී තවත් අවුරුදු 08ක සේවා කාලයක් සම්පූර්ණ කරන්නාවූත් නොකලැල් චරිතයක් හා පැවැත්මක් ඇත්තාවූත්, යුද්ධ හමුදාධිපති විසින් විශේෂයෙන් නිර්දේශ කරනු ලබන්නාවූත්, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ යුද්ධ හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ජා බලසේනාවල සියළු නිලයන්ට සන්දාරය ප්‍රදානය කළ යුතුය.

medal

2009.05.19 දින සිට පශ්චාත් යුධ ක්‍රියාකාරකම් සඳහා දායක වූ මූලික පුහුණු පාඨමාලා කාලසීමාව හැර වසර 06 කට නොඅඩු ගණනීය සේවා කාලයක් සපුරා ඇති, හැසිරීම හා පැවැත්ම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ යුද්ධ හමුදාවේ ස්ථීර සහ ස්වෙච්ඡා බල හමුදාවන්හි සියළු නිල දරන්නන් හට 2019.10.21 දින සිට මෙම පදක්කම පිරිනමනු ලබයි.

medal

2009.05.19 දින සිට පශ්චාත් යුධ ක්‍රියාකාරකම් සඳහා දායක වූ මූලික පුහුණු පාඨමාලා කාලසීමාව හැර වසර 03 නොඅඩු ගණනීය සේවා කාලයක් සපුරා ඇති, හැසිරීම හා පැවැත්ම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ හමුදාවේ ස්ථීර සහ ස්වෙච්ඡා බල හමුදාවන්හි සියළු නිල දරන්නන් හට 2019.10.21 දින සිට මෙම පදක්කම පිරිනමනු ලබයි.

medal

අංක 52 හා 1979 අගෝස්තු මස 31 දින දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වෙච්ඡා හමුදාමේ සියලු නිලදරන්නන් වෙනුවෙන් 1978 පෙබරවාරි මස 04 වන දින මෙම පදක්කම ප්‍රදානය කර ඇත. (මෙම පදක්කම වර්තමානයේ ප්‍රදානය කරනු නොලැබේ.)

medal

1949 සිට 1951 වර්ෂයන් දක්වා කාලය තුල නිශ්චිත හමුදා බලකාය පිහිටුවන විට සේවයේ යෙදී සිටි සෙබළුන් හට ලංකා සන්නද්ධ සේවා ආරම්භක පදක්කම ප්‍රදානය කරන ලද අතර, 1949 ඔක්තෝබර් 10 දින මෙම පදක්කම ලංකා හමුදාව සඳහා ප්‍රදානය කරන ලදී. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

1881 ස්වෙච්ඡා බලකාය පිහිටුවීමේ සිට 1881 - 1981 දක්වා ශත සංවත්සරයක් සපිරීම නිමිත්තෙන් සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලකායේ සියළුම නිල දරන්නන් වෙනුවෙන් මෙම පදක්කම ප්‍රදානය කර ඇත. (වර්තමානයේ මෙම පදක්කම ප්‍රදානය කරනු නොලැබේ.)

medal

ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් පුද්ගලයන් හට විදේශගත සෛනික මෙහෙවරක් නොහොත් සංග්‍රාම කාර්යයක යෙදෙමින් දිවයිනේ පාරම්පරික මුහුදු තීරයෙන් පිටතදී ඉටුකරන ලද සක්‍රීය සේවය වෙනුවෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය යටතේ මෙහෙයවනු ලබන යුද්ධ හමුදාමය හෝ සාමය ආරක්‍ෂා කිරීමේ ක්‍රියාන්විත රාජකාරිවලට අදාළ සේවාවන් ඉටුකර ඇති අයවලුන් වෙනුවෙන් මෙම පදක්කම පිරිනමනු ලබන්නේය.

medal

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරින්/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

කොංගෝ හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරින්/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

බටහිර සහරා හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

හයිටි හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

සුඩාන් හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරින්/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

ලෙබනන් හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරින්/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

චැඩ් හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

අබියෛ හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

උතුරු සුඩාන්හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයන් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

මධ්‍යම අප්‍රිකාවේ සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal

මාලි හි සාමසාධක රාජකාරි සඳහා සහභාගි වී ඇති සියළුම නිලධාරි/සෙසුනිලයින් සඳහා මෙම පදක්කම හිමිගන්වනු ලබයි.

medal