රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා පවත්වනු ලබන ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර 2025 ඔක්තෝබර් මස 14 සහ 15 යන දිනයන්හිදී පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 206 දෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් ආරම්භක දේශනය සිදු කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තීයමය සහ පෞද්ගලික හැසිරීම් යන දෙකෙහිම ආචාර ධර්ම පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.