76 වන හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවෙන් වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරිමේ වැඩසටහනක්

76 වන හමුදා දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් කොස්ගම, රජයේ රෝහලේ වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් සිදුකරන ලද අතර, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc විසින් එම උපකරණ තොගය 2025 ඔක්තෝබර් මස 07 දින රෝහල් බලධාරින් වෙත භාර දෙන ලදී.

එම වැඩසටහනේදී කොස්ගම, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපොලෙහි භටපිරිස්හි සහාය ඇතිව භාවිතයෙන් ඉවත් කර තිබූ රෝද පුටු හතක්, ට්‍රොලි තුනක්, සේලයින් ස්ටෑන්ඩ් අටක් සහ ඇඳන්, ප්‍රතිසංස්කරණය කරන ලදී.

එසේම, එම රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ දින දෙකක වැඩසටහනක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.