තබ්බෝව වැව් රක්ෂිතය වන අලි පෝෂණ කලාපයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහය

රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට අනුකූලව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් තබ්බෝව වැව් රක්ෂිතය වනඅලි පෝෂණ කලාපයක බවට පත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.

ඒ අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන අලි ගහනය සංරක්ෂණය කිරීම සඳහා වන පුළුල් ජාතික ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම දෙදින ව්‍යාපෘතිය 2025 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතියේදී තබ්බෝව ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වන අලි ඇතුන්ගේ ස්වභාවික වාසස්ථානවලට අහිතකර ලෙස බලපාන හානිකර වන පැළෑටි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, ඒ අනුව වර්ග කිලෝමීටර පහක ප්‍රදේශයක් පුරා යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම ආක්‍රමණශීලී පැළෑටි ඉවත් කිරීම සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා භටපිරිස් 58 පාබල සේනාංකයේ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ, 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහභාගී වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම සිවිල් සේවා දෙපාර්තමේන්තු ද සහයෝගය ලබා දුන්හ.