මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසයේ පූර්ව පුහුණු පාඨමාලාව අරඹයි

11 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 9 දින සිට නොවැම්බර් මස 23 දින දක්වා ඉන්දියාවේ බෙල්ගාවි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා, සහභාගි වන කණ්ඩායම සඳහා පූර්ව පුහුණු පාඨමාලාව නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී ආරම්භ වූ අතර, එම අවසථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.

සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගුවන් සංග්‍රමික බලසේනාවේ බලසේනාධිපති සහ අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ හේමචන්ද්‍ර RSP Hdmc psc, විසින් ආරම්භක දේශනය පවත්වමින් අභ්‍යාසය සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.