යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ඒ.ඒ.ඩී.පී කුලතිලක USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමන ලදී.