9th October 2025
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP 2025 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 2 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
2025 ඔක්තෝබර් මස 20 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන, බර එසවීමේ සහ සවි එසවීමේ කමිටුවේ සභාපති යන ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩ භාර නිලධාරි, 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ විධායක අධිකාරි, 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, මෙහෙයුම් ආඥාපති කොළඹ ප්‍රවාහන අංශ භාර නිලධාරි, 5 බලඇණිය ගැමුණු හේවා බලකායේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරි, ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, හමුදා මූලස්ථාන සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), යුද්ධ හමුදා රෝහල - නාරාහේන්පිට මාණ්ඩලික නිලධාරි I (පාලන), 24 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, 14 පාබල සේනාංකයේ කලාප 07 අණදෙන නිලධාරි, මූලස්ථානය සමස්ත මෙහෙයුම් ආඥාපති - කොළඹ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (මෙහෙයුම්), ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්‍ෂක සහ ඉංජිනේරු සේවා ශාඛාව - සුහුරුපාය ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරි, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර කර්නල් (ඉදිරි නඩත්තු පෙදෙස), 241 පාබල බලසේනාවේ බලසේනාධිපති, හමුදා මූලස්ථානයේ ආධුනිකයන් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරි - රත්නපුර දිස්ත්‍රික්කය (ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර දරන අතරතුර පත් කරන ලදී), ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන මධ්‍යස්ථාන සඳහා වූ බහුකාර්ය ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා වූ රත්නපුර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරක නිලධාරි (ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර දරන අතරතුර පත් කරන ලදී), පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා, ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තෙවරක් රණ වික්‍රම පදක්කමෙන් හා දෙවරක් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව - නිලධාරි, තරුණ නිලධාරින්ගේ පාඨමාලාව, දෙවන අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව, තරුණ නිලධාරින්ගේ උපායික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, පැරෂූට් පුහුණු පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා බලඇණි නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව ඇතුළු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.
තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තම යුද්ධ හමුදා සේවා කාලය තුළදී මයික්‍රොසොෆ්ට් යෙදුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, සයන්ස් ලෑන්ඩ් තොරතුරු තාක්ෂණ (පුද්ගලික) සමාගමේ කාර්යාල ස්වයංක්‍රීයකරණ පද්ධති පිළිබඳ ඩිප්ලෝමාව, ජනමාධ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ආරක්ෂක මාධ්‍ය සහ සන්නිවේදනය සඳහා කෙටි කාලීන පාඨමාලාව, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ආදී අධ්‍යාපන සුදුසුකම්ද සපුරන ලදී.