9th October 2025
2025 ඔක්තෝබර් මස 09 දින නල්ලතන්නිය ප්රදේශයේ ලක්ෂපාන තේ කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක් ඇති විය. එම අවස්ථාවේදී 642 පාබල බලසේනාවේ උපදෙස් මත 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්රී ලංකා පාබල හමුදාවේ සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගිනි නිවීමේ කටයුතු ආරම්භ කළහ.
පසුව, හැටන් නගර සභාවේ ගිනි නිවන රථයක් සහ ගිනි නිවන කණ්ඩායමක් ද මෙම මෙහෙයුමට එක්වූ අතර, යුද්ධ හමුදා සාමාජිකයන්, කර්මාන්තශාලා සේවකයින් සහ ගිනි නිවන කණ්ඩායම එක්ව ගින්න සාර්ථකව මැඩපවත්වන ලදී.