7th October 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල දෘශ්‍යාබාධිතව සිටින සිවිල් වැසියන් 364 දෙනෙකු සඳහා 2025 ඔක්තෝබර් මස 02 දින විශේෂ අක්ෂි සායන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
එහිදී, දෘශ්‍යාබාධිතව සිටින සිවිල් වැසියන් සඳහා අක්ෂි පරීක්ෂාවන්, වෛද්‍ය උපදේශන සහ අක්ෂි සත්කාර සේවා පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙනු ලැබූහ.
561 පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදෙන ලදී.