2nd October 2025
ප්‍රථම වරට පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 18 දින සිට 22 දින දක්වා මාලදිවයිනේ පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික පිරිමි වෙරළ අත්පන්දු කණ්ඩායම විසින් රිදී පදක්කම දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය, මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයක් නියෝජනය කරමින් කණ්ඩායම් මෙම ඉසව්වට සහභාගි වූහ.
ලීග් අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6ක් සමඟ දෙවන ස්ථානය හිමිකර ගත් අතර, අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක මාලදිවයින් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති අතර, එහිදී පාකිස්ථාන කණ්ඩායම 26:18 සහ 28:18 ලෙස ලකුණු ලබාගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තේය. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් රිදී පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ක්‍රීඩාවෙන් ලබාගත් පළමු ජාත්‍යන්තර පදක්කම ද වේ.
එම තරඟාවලියට යුද්ධ හමුදාවෙන් පහත සඳහන් කණ්ඩායම සහභාගි වූහ.
කණ්ඩායම් කළමනාකරු: මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල RSP ndu
සහාය පුහුණුකරු: කෝප්‍රල් එම්.එම්.සී.කේ ජයසූරිය - ශ්‍රී ලංකා සංඥා බලකාය
තාක්‍ෂණික විශ්ලේෂක/තාක්‍ෂණික නිලධාරී: කෝප්‍රල් ජී.එස් ධනුෂ්ක - ශ්‍රී ලංකා පාබල හමුදාව
ක්‍රීඩකයින්:
ලාන්ස් කෝප්‍රල් පී.පී.පී කොස්තා - ශ්‍රී ලංකා පාබල හමුදාව
පාබල සෙබල එල්.කේ.එස්.එන් ප්‍රනාන්දු - ශ්‍රී ලංකා පාබල හමුදාව
කෝප්‍රල් එම්.එම්.එන්.එස් අධිකාරි - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
කෝප්‍රල් ඩී.එම්.ආර් දිසානායක - ගැමුණු හේවා බලකාය
සැරයන් ටී.ජී.ආර් විමලරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය