රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් සඳහා යුද්ධ හමුදාවෙන් පහසුකම්

රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2025 සැප්තැම්බර් මස 26 දින සිට 28 දක්වා අන්ධ විද්‍යාලයේ සිසුන් යාපනය ප්‍රදේශයේ කළ විශේෂ සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රවාහන, නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම සිදුකරන ලදී.