26th September 2025
ජාතික ශිෂ්‍ය භට බලකාය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව, 2025 සැප්තැම්බර් මස 25 දින රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේදී සමස්ත ලංකා පෙරදිග ශිෂ්‍ය භට සංගීත කණ්ඩායම් අභියෝගතා කුසලාන තරඟාවලිය සංවිධානය කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් ඒ.පී.සී.ආර් ප්‍රේමතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක කර්නල් ඒ.පී ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලදී. අනතුරුව, ශිෂ්‍ය භටයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. දිවයින පුරා පාසල් කණ්ඩායම් 136කින් තෝරාගත් ශිෂ්‍ය භට කණ්ඩායම් 44ක් අවසන් තරඟයට තරඟ වැදුණු අතර, ඉන් ජයග්‍රහනය හිමිකරගන්නා ලද කණ්ඩායම් වල ශිෂ්‍ය භටයින් වෙත ඉන් අනතුරුව යුද්ධ හමුදාපතිතුමන් විසින් පදක්කම් පිරිනැමීමෙන් පසුව පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සිදුකරන ලදී.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් පිරිමි අංශයේ සමස්ත ශූරයන් බවට පත් වූ අතර, මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් අනුශූරතාවය දිනා ගන්නා ලදී. එසේම තූර්ය වාදක සංදර්ශනයෙන් විද්‍යාර්ථ විද්‍යාලය විසින් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, ධර්මරාජ විද්‍යාලය විසින් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.
බාලිකා අංශයේ සමස්ත ශූරතාව පිළිමතලාව ශ්‍රී ධීරානන්ද විද්‍යාලය දිනාගත් අතර, අනුශූරතාවය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමි විය. තූර්ය වාදක සංදර්ශනයෙන් මලියදේව බාලිකා විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ධීරානන්ද විද්‍යාලයට හිමි විය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කෙඩෙට් සැරයන් ඩී.එම්.එච්.එස්.බී. දිසානායක සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කෙඩෙට් සැරයන් වී.ඊ.ජේ. ද මෙල් විසින් පිළිවෙලින් පිරිමි සහ ගැහැණු ශිෂ්‍ය භටයින් සඳහා වන Best Drum Majors යන සම්මානය හිමි කරගන්නා ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින්, විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් විනයගරුක තරුණ පරපුරක් බිහි කිරීම සඳහා ජාතික ශිෂ්‍ය භට බලකායේ කාර්යභාරය පැහැදිලි කළේය. " සූදානම් නොවී නොසිටිනු " යනුවෙන් වූ ශිෂ්‍ය භට බලකායේ ආදර්ශ පාඨයේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර, එමඟින් ශිෂ්‍ය භට බලකායේ ඉහළ ප්‍රමිතීන්ට සරිලන චර්යාවන් පවත්වා ගැනීමට ශිෂ්‍ය භටයින් දිරිමත් කළේය. පෙළපාලියේදී ප්‍රදර්ශනය කළ විස්මිත සරඹ සහ වෘත්තීයභාවය ද යුද්ධ හමුදාධිපතිතුමන් අගය කළේය.
ඉන්පසුව, සහභාගී වූ ශිෂ්‍ය භටයින්ගේ කුසලතා ප්‍රදර්ශනය කරමින් වර්ණවත් විශේෂ තූර්ය වාදක සංදර්ශනයක් පැවැත්විණි.
උත්සවය අවසානයේ, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, පසුව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පොලිස් නියෝජිතයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, ශිෂ්‍ය භටයන්, සුභ පතන්නන් සහ විශාල සිවිල් ජනතාවක් සහභාගි වූහ.