25th September 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ඩී.ඩී.ඩී සේරසිංහ USP විසින් රචිත ‘මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්’ නම් ග්‍රන්ථයේ දොරට වැඩිමේ උත්සවය 2025 සැප්තැම්බර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.