වෙරළ පිරිසිදු කිරීමේ ජාතික සතියට යුද්ධ හමුදාවේ දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව වෙරළ පිරිසිදු කිරීමේ ජාතික සතියට සමගාමීව, යුද්ධ හමුදා සෙබළුන් 2025 සැප්තැම්බර් මස 20 දින පානදුර, වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

වෙරළබඩ පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග දිරිගැන්වීම පිණිස ‘Ocean Conservancy’ ආයතනය විසින් නම් කරන ලද ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහන යටතේ යුද්ධ හමුදා භටපිරිස් සහ අනෙකුත් සහභාගීවුන් විසින් පානදුර වෙරළ තීරයේ සැලකිය යුතු ප්‍රමාණයක් පිරිසිදු කරන ලද අතර, එය මුහුදු ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමටත්, සාගර සම්පත් ක්ෂය වීම වැළැක්වීමටත්, පරිසර දූෂණය අවම කිරීමටත් දායක විය. මෙම වැඩසටහන සඳහා නාවික සහ ගුවන් හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, පාසල් සිසුන්, රජයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.