කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 61 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මඟින් පවත්වන ලද කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 61 හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 16 දින එම පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.

මාසයකට ආසන්න කාලයක් පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 73 දෙනෙකු සහභාගි වූ අතර, එයින් 9 බලඇණිය ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එල්.එස් ගුණරත්න පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස තේරී පත් විය.

පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස් ද සිල්වා RSP ndc විසින් සමාප්ති දේශන පවත්වන ලදී. මෙම උත්සව අවස්ථාවට එම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.