18th September 2025
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ වන ලුතිනන් කර්නල් එස්.ඩී පීරිස් USP psc (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රචිත ‘My Journey with the Commando Regiment’ නම් කෘතියෙහි පිටපතක් 2025 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත පිළිගන්වන ලදී.
ලුතිනන් කර්නල් සුනිල් දයාල් පීරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ ලෙස හැදින්වෙන අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාව තුළ දූරදර්ශී නායකයෙක් වශයෙන් වඩාත් ප්‍රචලිතය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළදී යුද්ධ හමුදාවේ හැකියාවන් වැඩි දියුණු කරමින් නවීකරණය කිරීමට එතුමන් මහත් දායකත්වයක් ලබා දෙන ලදී.