20th September 2025
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට 19 දින දක්වා පවත්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් හමුදා සම්බන්ධීකරණ පාඨමාලා අංක 06 හි සමාප්ති උත්සවය 2025 සැප්තැම්බර් මස 19 දින පැවැත්විණි.
සමාප්ති දින උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ එම පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP විසින් පාඨමාලාව සඳහා සහභාගිවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.
මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 20 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 02 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 02 දෙනෙකු සහ බංග්ලාදේශය, ෆීජි, ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, නේපාලය සහ වියට්නාමය යන රටවල විදේශීය නිලධාරින් 09 දෙනෙකු ද සහභාගි වූහ.
මෙම පාඨමාලාව සඳහා ගෝලීය සාම සාධක මෙහෙයුම් මුලපිරීම වැඩසටහනෙහි විශේෂඥයන්ගේ උපදේශකත්වය හිමිවූ අතර, එහි කණ්ඩායම් නායිකාව ලෙස කැනඩාවේ ට්‍රේසි මාටිනෝ මහත්මිය කටයුතු කළ අතර, ආර්ජන්ටිනාවේ වික්ටර් මැනුවෙල් නූනෙස් මහතා සහ නේපාලයේ බ්‍රිගේඩියර් ජෙනරල් (විශ්‍රාමික) නරේෂ් සුබ්බා අනෙකුත් විෂය ක්ෂේත්‍ර විශේෂඥයන් ලෙස කටයුතු කළහ.
මෙම අවස්ථාවට සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් සහභාගි වූහ.