ඉන්දීය හමුදා දූත පිරිසක් මෙරට යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක

ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරල් ආර්.එස් රාමන් PVSM AVSM YSM ඇතුළු දූත පිරිසක් 2025 සැප්තැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG විසින් පැමිණි දූත පිරිස පිළිගනු ලැබීය.

අනතුරුව, දූත පිරිස සමඟ පැවති සුහද සාකච්ඡාවෙන් පසුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූ අතර, අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තබනු ලැබීය. ඉන්පසුව පැමිණි පිරිස යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් නික්ම යාමට පෙර එම විද්‍යාපීඨයේ පුස්තකාලය, ව්‍යායාම ශාලාව සහ කෙඩෙට් නිලධාරි භෝජනාගාරය ඇතුළු ප්‍රධාන පහසුකම් නිරීක්‍ෂණය කළේය.