15th September 2025
පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු වල නියැලී සිටි යුද්ධ හමුදා භටපිරිස්හි නිර්භීත ක්‍රියාව අගය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 13 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී ඇඟයීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් එම යුද්ධ හමුදා භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එවැනි ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ජනතාවට සහාය වීමේ සමාජ වගකීම අවධාරණය කරමින් ඔවුන්ගේ කැපවීම අගය කළේය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 112 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.