ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වන අලි වාසස්ථාන ආරක්‍ෂා කිරීමට ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම අඛණ්ඩව සිදු කරයි

‘ක්ලීන් ශ්‍රීලංකා’ වැඩසටහනට සමගාමීව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් ‘වයිල්ඩ් ටස්කර්ස්’ සංවිධානය සමඟ එක්ව, 212 පාබල සේනාංක බලප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබූ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ, අලි ඇතුන්ගේ ස්වාභාවික ජීවන රටාවට බාධා කරන දිය ගෝවා සහ ජපන් ජබර වැනි ආක්‍රමණශීලී ශාක ඉවත් කරන ලදී.

මෙම වැඩසටහන 2025 සැප්තැම්බර් මස 05 දින සිට 07 දින දක්වා කාලය තුළ කළාවැව, කලගම සහ බලලූවැව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද අතර, ආක්‍රමණශීලී ශාක අක්කර 30ක පමණ වූ භූමි ප්‍රමාණයකින් සාර්ථකව ඉවත් කිරීමට හැකි විය. එමගින් වන අලින් සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය වූ අතර, ස්වභාවික පරිසර පද්ධතිය ද ආරක්‍ෂා වනු ඇත.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් වැසියන් ක්‍රියාකාරීව සහභාගි වූහ.