5th September 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී 2025 සැප්තැම්බර් මස 04 දින ධර්ම දේශනාමය වැඩසටහනක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf ndu psc IG සහභාගි විය.
යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීම සහ මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර පිරිනැමීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම ධර්ම දේශනාව පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ආගමික වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසී සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ.